නූතන මිනිසා ඉතා සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාවක් ගත කරන බව රහසක් නොවේ. ආහාර පුරුදු, වායු දුෂණය, අපගේ ආහාරවල සහ ජලයෙහි අඩංගු රසායනික ද්‍රව්‍ය, ශාරීරික ක්‍රියාකාරකම් නොමැතිකම සහ සැකසූ ආහාර පරිභෝජනය වැඩිවීම වැනි කරුණු හේතුවෙන් අපගේ පැරණි පරම්පරාවට සාපේක්ෂව අපගේ පරම්පරාව ඉතා දුර්වල වී ඇත. අපි අපේ ජීවන රටාව වෙනස් නොකළහොත් දුර්වල, සෞඛ්‍ය සම්පන්න නොවන සහ රෝගාබාධවලට ඉක්මනින් ගොදුරු වන පරම්පරාවක් බිහිකරමින් සිටිමු. APEXAURA අපගේ ඖෂධීය අතිරේකවල නිෂ්පාදන පරාසය මේ අහිතකර තත්වයන්ට එරෙහිව අපගේ ශරීරය සූදානම් කිරිමට සමත් වේ. Apexaura අපගේ පළමු නිෂ්පාදනය වන Inginee (Clearing Nut) සමඟ ස්වභාවික ශාකසාාරයන්ගේ ඖෂධීය බලය ලෝකයටම විවෘත කළේය. Inginee වෙළඳපොළට හඳුන්වා දීමෙන් සහ දහස් ගණනක් පරිභෝගිකයන්ගේ අතිමහත් ධනාත්මක ප්‍රතිචාර ලබාමින් , එතැන් සිට අපගේ ලැයිස්තුවට බොහෝ වටිනා නිෂ්පාදනයන් හඳුන්වා දීමෙන් අපගේ ඖෂධීය අතිරේකවල ධාරිතාවය වර්ධනයකර ඇත්තෙමු. මුරුංගා (මුරුංගා), නට්ග්රාස් (කලාදුරු) සහ ගාර්සීනියා (ගොරකා) වැනි බොහෝ ශාකවල ඖෂධීය වටිනාකම් ලොවටම විවර කීරීමට අපට හැකි වී ඇත, අපට පහසුවෙන් ලබා ගැනීමට හැකිව තිබුණද නොදැනුවත්කම නිසා ගලිහී ගිය බොහෝ දේශීය ඖෂධීය ශාකවල ගුණය. නවීන තාක්ෂණය ඔස්සේ භාවිතයට පහසු ලෙස නිර්මාණය කිරිමට අපට හැකිවී තිබේ. ISO 9001:2008, ISO 22000:2005, HACCP සහ GMP සහ ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වැනි ආයතන විසින් සහතික කරන ලද සම්පූර්ණයෙන්ම කාබනික ඖෂධීය අතිරේකයන් පෙළක් APEXAURA විසින් ඔබ වෙත ගෙන එයි. සෑම නිෂ්පාදනයක්ම පර්යේෂණාත්මකව සහ ධනාත්මක පාරිභෝගික ප්‍රතිචාර තුලින් විශ්වානීයබව සහ ප්රතිඵලදයාක බව සානාථකර ඇත. කාබනික සහ ශාකසාර නිෂ්පාදන භාවිතයෙන් හොඳම දේ ඔබ වෙත ගෙන ඒම අරමුණු කරගත් රූපලාවන්‍ය නිෂ්පාදන පෙළක් ද අප සතුව ඇත. ඇත්ත වශයෙන්ම, මිනිසුන් කාබනික ලෙස ගොඩනැගී ඇති අතර ශරීරයට යොදන රසායනික ද්‍රව්‍ය සමග ක්‍රියාත්මකවීමට නිර්මාණය වී නොමැත.