APEXAURA ආරම්භයේ සිට මේ දක්වා කාලය දෙස නැවත හැරී බැලූවිට, අප ඉතා දිගු හා සාර්ථක ගමනක් පැමිණ ඇත. APEXAURA ව්‍යාපාරික සංකල්පය, එක් මිනිසෙක් සහ ඔහුගේ සිහිනයක මල්ඵල ගැන්වීමකි. ශ්‍රී ලංකාව සහ සෙසු ලෝකයට ඖෂධීය ගුණයෙන් යුතු නිෂ්පාදන පෙළක් හදුන්වාදීම සහ ඒ්වායින් සෞඛ්‍ය ප්රතිලාභ අත්කරදීම ඒ් සිහිනයයි. එක් දිනක, පොළොන්නරුවේ තේ අළෙවිසැලකින් ඉඟිනි (ක්ලියරින් නට්) කොප්පයක රස බැලීමට ලැබුණු අහඹු අවස්ථාව APEXAURA දියත් කිරීමේ මූලික සංකල්පය ඇතිවූ සිදුවීමයි. ‘ඉඟිනි’ නිෂ්පාදනයක් ලෙස හදුන්වාදීමත් සමඟම ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම නිරෝගී බව සහ සුවතාවය ව්‍යාප්ත කිරීමේ අපගේ අපෙක්ෂාව, ක්‍රියාවට නැගුණි. දේශීය ශාකසාර ඔසුවල අද්වීතීය බලය, නිවැරදි ආකාරයෙන් නිවැරදි මාත්‍රාවෙන් භාවිතා කර අශ්චර්යමත් සෞඛ්‍ය ප්‍රතාලාභ ජීවිතයට ලබා ගත හැකි බව මේ තුලින් අප සනාථ කලේය. අපේ දිවයින, සශ්‍රීක හරිත වර්ණයෙන් සපිරි බොහෝ ඖෂධීය ශාකසාරයන්ගෙන් පොහොසත් පාරාදීයකි., ඒවායින් බොහොමයක් තවමත් සොයා ගැනීමට හෝ අධ්‍යයනය කිරීමට නොහැකි වුවද, අපේ මුතුන්මිත්තන් යහපහත් සෞඛ්‍යක් පවත්වා ගැනීම සදහා ඒවා භාවිතා කල බව නොරහසකි. නිරෝගී ජීවිතයක් ගත කිරීම අප සියළු දෙනාගේ කැමැත්ත වන අතර දේශීය ශාකසාරයන්ගේ බලය ඒ වෙනුවෙන් තිලිණ කිරීම අපගේ කාර්යභාරයයි.
APEXAURA අප, ශ්‍රී ලාංකික ජාතියේ අභිවෘද්ධියට විවිධ ආකාරයෙන් දායක වී ඇත, නමුත් ඒ සියල්ලටම වඩා, අපේ රටේ කොඳු නාරටිය බඳු, ආර්ථිකයේ අතිශය වැදගත්ම ක්ෂේත්රය වෙනුවෙන් සිය ශ්‍රමය කැපකරන ගොවි ප්‍රජාව සඳහා රැකියා අවස්ථා නිර්මාණය කිරීමට, විශාල වශයෙන් දායක වී ඇති බව පැවසීමට ලැබීම අපට මහත් වු අභිමානයකි. අපගේ නිෂ්පාදනයන් සංඛ්‍යාත්මකව වැඩි වීමත්, ඒ්වාට වෙළදපලේ ඉල්ලුම වැඩිවීමත් නිසා රැකියා අවස්ථා වැඩි විය. 2014 සිට දශකයකට ආසන්න කාලයක් අපගේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි. එම කාලය තුල අපගේ සමාගම සෑම දිශාවකටම විහිදුනු පුළුල් ව්‍යාපාරයක් ලෙස වර්ධනය වී ඇත. අද, අපගේ නිෂ්පාදන ලෝකයේ බොහෝ රටවල භාවිතා කරන අතර අපගේ වෙළඳ ලකුණ ජාත්‍යන්තර වශයෙන්ද විශ්වාසය දිනා ඇති ඇත. අපගේ නිෂ්පාදනයන්ගේ උසස් ප්රමිතීන් සහ නොවරදින ප්‍රතිඵල සඳහා ජාත්‍යන්තරව ද බෙහෙවින් අගය කිරීම් ලැබී ඇත්තේ මේ හේතුවෙනි.
APEXAURA ලොව පුරා දේශීයව සහ ජාත්‍යන්තරව සුවතාවය පතුරුවා හැරීම සඳහා ක්‍රියාශීලීව වැඩ කරන විශාල පිරිසක් අප හා නිබඳව ඇත්වැල් බැඳගනිමින් කටයුතු කරයි..
Apexaura, ශ්‍රී ලාංකේය ඖෂධීය ආහාර අතිරේකයන් ලෝකයට හදුන්වාදීම වෙනුවෙන් කැපවී සිටියි. "Apexaura" ආරම්භයේ සිටම, ඉහළම ගුණාත්මක බවින් යුත් ඖෂධීය ආහාර අතිරේක නිෂ්පාදන සිදුකරමින් පාරිභෝගිකයින්ට සමබර, ධනවත් සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට උපකාර කරයි. පසුගිය දශකයකට ආසන්න කාලය තුළ, අපි අඛණ්ඩව වැඩිදියුණු කිරීම්, උසස් තත්ත්වයේ නිෂ්පාදන, ඉහළ සන්නාම විශ්වසනීයත්වය මෙන්ම කැපවූ විකුණුම් බලකායක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් සමන්විත අද්විතීය ආයතනික සංස්කෘතියක් වර්ධනය කර ඇත්තෙමු. මේ සියල්ල අපගේ සාමූහික ජයග්‍රහණ සඳහා පදනම විය.
අපි සුවතා කර්මාන්තයේ හොඳින් මුල් බැසගෙන සිටින බව, Apexaura ගැන වැඩි පිරිසක් දැන හඳුනා ගෙන එහි නිෂ්පාදනයන්ගේ ප්රතිලාභ ලැබීම තුලින් මනාව පැහැදිවේ. ඒ ගැන අපි අතිශය සතුටු වෙමු. වැඩි පිරිසකට සෞඛ්‍ය සම්පන්න සහ සමබර ජීවිතයක් ගත කිරීමට උපකාර කිරීමේ දිගුකාලීන අභියෝගයට මුහුණ දෙන අතරම මෙය ඉදිරි ගමනක ආරම්භය පමණක් බව අපි සැබවින්ම විශ්වාස කරමු.
අවංකකම - සහයෝගීතාවය - නොපසුබට උත්සාහය - බුද්ධිමත්බව යන අපගේ මූලික සාරධර්ම දිගටම පවත්වා ගැනීමට අපි ප්‍රමුඛත්වය දෙමු. ශ්‍රී ලංකාව තුළ අපගේ ශක්තිමත් ග්‍රහණයේ සිට ගෝලීය පරිමාණයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ඉහළ නැංවීම සඳහා Apexaura කැපවී සිටී.
ශීක්ෂණ ගුණවර්ධන,
සභාපති,
Apexaura INT පුද්ගලික සමාගම.
“බෙදාහදා ගැනීම පරිභෝජනය පරිපූර්ණ කරයි; පරිපූර්ණ පරිභෝජනය ඔබව ශක්තිමත් කරයි; බෙදාගැනීම ක්‍රියාවලය තුලින් ඇතිවන ලෝකයේ පරිපූර්ණ පරිභෝජනය වැඩි ධනයක් උපයා ගැනීමට හේතුවේ. Apexaura ව්‍යවසායකයන්ගේ පොදු සම්පත් බෙදාගැනීමේ පද්ධතිය (ECRSS) ද, ඔබට සෞඛ්‍ය ධනය සමෘද්ධිය සහ සතුට ගෙන එයි.”
“Apexaura මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට අවස්ථාව උදාකර දුන් ආයතනයයි. Apexaura නිසා මම උපයාගත්තේ මුදල් පමණක් නොවේ, දැනුම, අත්දැකීම්, වගේම ප්‍රීතිමත්ව ජීවිතය ගත කරන්නත් Apexaura නිසා මට හැකිවුණා. මගේ ජීවිතයට එක් වු වටිනාම මිනිසුන් හදුනාගැනීමට හැකි වුනෙත්, මට අවශ්‍ය පරිදි මගේ ජීවිතය ගොඩනගා ගැනීමට හැකිවුනෙත්, Apexaura සමඟ එක්වී වැඩ කල කාලය තුලයි. සරලවම කීවොත් මගේ ජීවිතයේ ප්‍රීතිමත් අවස්ථාවන්ගෙන් බොහෝ ප්‍රමාණයක් මට ලැබී ඇත්තේ Apexaura නිසයි.”
“ස්වභාවධර්මය අප සමඟ වෙන්කල නොහැකි ලෙස බැදී ත්බේ, අප හුස්ම ගන්නා තාක් සොබාදහම සමඟ ඇති බැදීමට අවනත විය යුතුය. එසේ අවනත වෙන සියළු සත්වයින් සොබාදහමේ ආශිර්වාදයෙන් ශක්තිමත් වී ඇත. අප ජීවිතයට සහ සොබාදහමට ආදරය කල යුතුය . Apexaura යනු ජීවිතයේ හදවත බඳු සොබාදහම සමඟ අප සම්බන්ධ කරන මධ්‍යස්ථානයයි. Apexaura සමඟ බැඳී සිටින අය ජීවිතයෙන් පොහොසත් වෙති. 'මම' රෝගී යැයි පැවසීම නවතා ‘අපි’ එක්ව සුවතාවය ලබා ගමු. එය Apexaura ඔබට ලබා දෙන ආදර්ශයයි.. ”