ස්පිරුලිනා ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ වර්ග රැසකින් පොහොසත් නීලහරිත ඇල්ගී විශේෂයකි. එහි ඇති පෝෂණ ගුණය නිසා අනාගතයේ ආහාරය ලෙසද හඳුන්වයි. ලෝකයේ ඉතා ජනප්‍රිය පෝෂ්‍යක අතිරේකයක් වන ස්පිරුලිනා ලොවපුරා වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ NAZA ආයතනය විසින් අභ්‍යවකාශ මෙහෙයුම් වලදී ගගනගාමීන් සඳහා ආහාර අතිරේකයක් ලෙස නිර්දේශ කිරීමෙන් පසුවයි.