Apexaura සිය නවතම නිෂ්පාදනය වන scenic oil 2019 මාර්තු 31 වන දින බත්තරමුල්ල CHPB ශ්‍රවණාගාරයේදී එළිදක්වන ලදී. සමාගමේ සභාපති ශීක්ෂණ ගුණවර්ධන මහතා විසින්, බෙදාහරින්නන් 200 ක් පමණ සහභාගීත්වයෙන් මෙම නිෂ්පාදනය නිල වශයෙන් හදුන්වා දෙන ලදී.
ප්‍රමාණයෙන් කුඩා වුවත් පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් ඉතා පොහොසත් වට්ටක්කා ඇට, මැග්නීසියම්, සින්ක් සහ ප්‍රතිඔක්සිකාරක වලින් සපිරුනු බීජ වර්ගයක් වන අතර හදවත සුරකින ආහාරයක් ලෙස තහවුරු වී ඇති වට්ටක්කා ඇට සාරයෙන් නිපදවන Apexaura scenic oil දිනපතා ආහාරයට එක්කරගැනීමට හැකි පෝෂ්‍යදායී නිෂ්පාදනයක් බව ශීක්ෂණ ගුණවර්ධන මහතා නිෂ්පාදනය හදුන්වා දෙමින් පැවසීය.
මෙම සිදුවීම් වලින් අනතුරුව Apexaura අධ්යක්ෂ දේවන් මුතුහෙට්ටි මහතා විසින් scenic oil භාවිතයෙන් හෘදයාබාධ ඇතිවීමේ අවධානම වළක්වා ගත හැකි බවත්, ඔමෙගා 06 අඩංගු නිසා කෙලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමටත්, හෘදයා බාධ ඇති අයට දිනපතා ආහාරයට එක් කර ගැනීමට යෝග්‍යය බව සදහන් කලේය. නිෂ්පාදනය ගැන වැඩිදුරටත් අදහස් දක්වමින්, ශාකමය සින්ක් අඩංගු නිසා කුඩා ළමුන්ගේ හිසකෙස්, අස්ථි හා මොළය වර්ධනයට උපකාරීවන බවත්, හිසකෙස් වල ගැල්වීමෙන් දීප්තිමත් හිසකෙස් කළඹක් ලබා ගත හැකි අතරම සමේ ආලේප කිරීමෙන් සම පැහැපත් කරන බවත්, ආහාර ජීර්ණපද්ධතිය නිරෝගීව පවත්වා ගැනීමටත් මෙය උපකාරීවන බව පවසා සිටියේය.
නවීන තාක්ෂණයෙන් වට්ටක්කා ඇට වල පෝෂ්‍ය ගුණය සුරැකෙන පරිදි නිස්සාරණය කරමින් නිපදවන Apexaura Sceinc Oil ආහාරයට එකතුකර ගැනීමෙන් හා හිසකෙස් හා සමේ ගැල්වීමෙන් මේ සෞඛ්‍ය ප්රතිලාභ ඔබටත් අත්විඳිය හැකි වන බව ඔහු අවසාන වශයෙන් කියා සිටියේය.
වැඩසටහන ඉතා සාර්ථක වූ අතර බෙදාගත් අත්දැකීම් තුලින් රැස්වසිටි අයගේ මනෝභාවය ඉහළ නැංවීයගල Scenic oil හඳුන්වාදීමේ වැඩසටහන අවසන් වූ වහාම එම නිෂ්පාදනය මහත් උනන්දුවෙන් යුතුව සියළු දෙනාම මිලදී ගත්තේය.
මෙම වැඩසටහන අති සාර්ථක කර ගැනීම සඳහා තවත් බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයින් ඒකරාශී කරගනිමින් තිරය පිටුපස ක්‍රියාදාමයන් මෙහෙයවමින් සම්පූර්ණ වැඩසටහන සම්බන්ධීකරණය කිරීම සම්බන්ධයෙන් ඩයමන්ඩ් විධායක ෆෙරෝස් මිස්කින් මහතාට මෙහිදී විශේෂ ගෞරවය හිමිවිය.